Saturday, August 9, 2014
තොවිල් නැටුම
යකා නටයි කුකුළ් බිල්ල ලැබෙන තුරු
යකැදුරු නටයි මොණරු අතට ලැබෙන තුරු
නරඹන උන් නොයයි කැමට ලැබෙන තුරු
ආතුර ගැහෙයි ගත් නය ටික ගෙවන තුරු
යකැදුරු නටයි මොණරු අතට ලැබෙන තුරු
නරඹන උන් නොයයි කැමට ලැබෙන තුරු
ආතුර ගැහෙයි ගත් නය ටික ගෙවන තුරු
Tuesday, July 29, 2014
හා වරද
එකවරක් පැරදුනා
කල නිසා ගොං වැඩක්
පොඩි උනුත් හිනැහෙනව
මේක මහ කරුමයක්
බොහෝ කල් ගතවෙලත්
නෑනෙ අමතක වෙලා
පරපුරෙන් පරපුරට
කියවෙනව පුන පුනා
ඉබ්බ පවු කියල මම
දුන්න පොඩි සප් එකක්
දෙන්නෙ නෑ පොඩි ඉඩක්
මෙහෙම වෙයි හිතුවනම්
මගේ පොඩි වරදකින්
පරපුරම චා උනා
ආයෙ නම් රේස් නෑ
මගෙ වයිෆ් එක්කවත්
වැස්සක මහිම
පොද වැස්සට ලොබ බැඳ
වින්දෙමි සැපට සිරි පොද
වෙච්ච අසනීපෙට
බොන්න සිදුවුනි බෙහෙත් මසකට
හිතු නමුත් කිසිදින
නැවත නොතෙමෙන්නට
ආයෙ වැසි එනකොට
හිතම කියනව පල තෙමෙන්නට
වින්දෙමි සැපට සිරි පොද
වෙච්ච අසනීපෙට
බොන්න සිදුවුනි බෙහෙත් මසකට
හිතු නමුත් කිසිදින
නැවත නොතෙමෙන්නට
ආයෙ වැසි එනකොට
හිතම කියනව පල තෙමෙන්නට
සස්වාමික කන්‍යාවිය
කඩුවද තුලාවද දෝතින් දරාගෙන
දෑසද සොඳට රෙදි කඩකින් වසාගෙන
මනා ලෙසට යුක්තිය රැකි කන්‍යාවිය
පෙනෙනා ලෙසට ඇය දැන් සස්වාමිකය
දෑසද සොඳට රෙදි කඩකින් වසාගෙන
මනා ලෙසට යුක්තිය රැකි කන්‍යාවිය
පෙනෙනා ලෙසට ඇය දැන් සස්වාමිකය
හොඳම කෙරුම
කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම
බීමෙන් හොඳ බීම කෙලවෙන තුරු බීමනෑමෙන් හොඳ නෑම මඩ ඇදගෙන නෑම
කෙරුමෙන් හොඳ කෙරුම දුදනට හොඳ කෙරුම
මැදුම් පිළිවෙත
මිතුරන් නොම ඇති
වෙලාව නොම ඇති
දිවියක ඵල කිම
මිල මුදලුත් ඇති
මිනිසෙක් වෙන්නට
මුදලින් නොම හැකි
මුදලක් නැතිවද එය
නොම කල හැකි
පමණට මුදලත්
පමණට මිතුරත්
පමණට සැමෙකත්
එය වෙයි සොඳ දිවි
වෙලාව නොම ඇති
දිවියක ඵල කිම
මිල මුදලුත් ඇති
මිනිසෙක් වෙන්නට
මුදලින් නොම හැකි
මුදලක් නැතිවද එය
නොම කල හැකි
පමණට මුදලත්
පමණට මිතුරත්
පමණට සැමෙකත්
එය වෙයි සොඳ දිවි
බාස්
සිමෙන්ති වැලි ගල් දෑතට හුරුවට
නුඹ වෙහෙසී මගෙ ගෙපැල සැදූවට
නුඹේ වෙහෙස සොච්චමකට සරි කොට
බරටම කුළි ගති ලොක්ක බලන් සිට
නුඹ වෙහෙසී මගෙ ගෙපැල සැදූවට
නුඹේ වෙහෙස සොච්චමකට සරි කොට
බරටම කුළි ගති ලොක්ක බලන් සිට
පුලන්නෝ
සිඟනෝ සිඟති මහමග යන එන අතරේ
චතුරයි කියන්නට දුක වැඩිකර මිතුරේ
දුගියන් සැබෑ දරමින් කුසයෙ ගින්දරේ
කාටත් අතනොපා නිහඬව හිඳි නිතරේ
අහස
තනිකඩ දිවිය වැනි තරු පිරි අමාවක
පෝ දින අහස මෙනි පැටලුන විට පෙමක
හිරු වැඩි අහස මෙනි දීගෙක ගිය දිනක
වැහිබර අහස මෙනි පසු අවුරුදු පහක
පෝ දින අහස මෙනි පැටලුන විට පෙමක
හිරු වැඩි අහස මෙනි දීගෙක ගිය දිනක
වැහිබර අහස මෙනි පසු අවුරුදු පහක
සොඳුර වනු මැන
ඝන අඳුර දුරු කරන සඳ පහන ඔබ සබඳ
නියං සෑ දුරු කරන මහ වැස්ස ඔබ සබඳ
අතරමං ඔරුවකට පහන් ටැඹ ඔබ සබඳ
අඳුරු සිත අලු කරන සොඳුර වනු මැන නිබඳ
දහවල් හීනය
රෑ මැදියමට ඉරමල පායා ඒවා
අමාවකට පුරහඳ පායා ඒවා
මෝල් ගහෙත් දළු කපුටන් සුදු වේවා
ගුණ නැණ බලැති පාලකයින් බිහි වේවා
Subscribe to:
Posts (Atom)