Tuesday, July 29, 2014

හා වරද

එකවරක් පැරදුනා
කල නිසා ගොං වැඩක්
පොඩි උනුත් හිනැහෙනව
මේක මහ කරුමයක්

බොහෝ කල් ගතවෙලත්
නෑනෙ අමතක වෙලා
පරපුරෙන් පරපුරට
කියවෙනව පුන පුනා

ඉබ්බ පවු කියල මම
දුන්න පොඩි සප් එකක්
දෙන්නෙ නෑ පොඩි ඉඩක්
මෙහෙම වෙයි හිතුවනම්

මගේ පොඩි වරදකින්
පරපුරම චා උනා

ආයෙ නම් රේස් නෑ
මගෙ වයිෆ් එක්කවත්

වැස්සක මහිම

පොද වැස්සට ලොබ බැඳ
වින්දෙමි සැපට සිරි පොද
වෙච්ච අසනීපෙට
බොන්න සිදුවුනි බෙහෙත් මසකට

හිතු නමුත් කිසිදින
නැවත නොතෙමෙන්නට
ආයෙ වැසි එනකොට
හිතම කියනව පල තෙමෙන්නට

සස්වාමික කන්‍යාවිය

කඩුවද තුලාවද දෝතින්          දරාගෙන
දෑසද සොඳට රෙදි කඩකින්     වසාගෙන
මනා ලෙසට යුක්තිය රැකි       කන්‍යාවිය
පෙනෙනා ලෙසට ඇය දැන් සස්වාමිකය

හොඳම කෙරුම

කෑමෙන් හොඳ කෑම ඉල්ලාගෙන             කෑම

බීමෙන් හොඳ බීම කෙලවෙන තුරු             බීම
නෑමෙන් හොඳ නෑම මඩ ඇදගෙන           නෑම
කෙරුමෙන් හොඳ කෙරුම දුදනට හොඳ කෙරුම

මැදුම් පිළිවෙත

මිතුරන් නොම ඇති
වෙලාව නොම ඇති
දිවියක ඵල කිම
මිල මුදලුත් ඇති

මිනිසෙක් වෙන්නට
මුදලින් නොම හැකි
මුදලක් නැතිවද එය
නොම කල හැකි

පමණට මුදලත්
පමණට මිතුරත්
පමණට සැමෙකත්
එය වෙයි සොඳ දිවි

රට යන යාන

අම්මා පිට රට ගිය දින
නුඹත් එක්ක විරසක උන
පුංචි දුවට පෙනී යන්න
තවත් නො එන් ගුවන් යාන

බාස්

සිමෙන්ති වැලි ගල් දෑතට           හුරුවට
නුඹ වෙහෙසී මගෙ ගෙපැල        සැදූවට
නුඹේ වෙහෙස සොච්චමකට සරි  කොට
බරටම කුළි ගති ලොක්ක බලන්        සිට

පුලන්නෝ


සිඟනෝ සිඟති මහමග යන එන අතරේ
චතුරයි කියන්නට දුක වැඩිකර   මිතුරේ
දුගියන් සැබෑ දරමින් කුසයෙ    ගින්දරේ
කාටත් අතනොපා නිහඬව හිඳි   නිතරේ

අහස

තනිකඩ දිවිය වැනි තරු පිරි         අමාවක

පෝ දින අහස මෙනි පැටලුන විට  පෙමක
හිරු වැඩි අහස මෙනි දීගෙක ගිය     දිනක
වැහිබර අහස මෙනි පසු අවුරුදු        පහක

සොඳුර වනු මැන


ඝන අඳුර දුරු කරන සඳ පහන ඔබ       සබඳ
නියං සෑ දුරු කරන මහ වැස්ස ඔබ       සබඳ
අතරමං ඔරුවකට පහන් ටැඹ ඔබ        සබඳ
අඳුරු සිත අලු කරන සොඳුර වනු මැන නිබඳ

දහවල් හීනය



රෑ මැදියමට ඉරමල පායා                  ඒවා
අමාවකට පුරහඳ පායා                     ඒවා
මෝල් ගහෙත් දළු කපුටන් සුදු        වේවා
ගුණ නැණ බලැති පාලකයින් බිහි වේවා