ළමයා:
පැවරුම් ගොඩයි නිදියනවට තරහයිද?
ටිකක් කොපි කළා ඇයි ඌ නොකෙරුවද?
ලකුණු අඩුයි ගෙනත් දෙන්නෙ ගෙදරින්ද?
ගුරා උපන්නේ අපිටම අරින්නද?
ගුරුවරයා (ගුරා/ගුරුතුමා):
පැවරුම් නොදුන්නොත් නුඹ වැඩ කරනවද?
වැරදි වැඩට පුහුණුව දෙන එක හොඳද?
ලකුණු දෙන්න පචයක්වත් ලියනවද?
අසමත් නුඹේ දුක මට නොම දැනෙනවද?